April 28, 2024

හිටපු ජනපති සමග කළ සාකච්ඡා 3 ක් ගැන දෙමළ ඩයස්පෝරාව තොරතුරු හෙළි කරයි

September 22, 2021

ආණ්ඩුවත් සමග සම්බන්ධ වී වැඩ කටයුතු කරන ලෙස ජනපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ප්‍රසිද්ධියේම ආරාධනාවක් කලා.

එය ප්‍රගතිශීලී පියවරක් බව සඳහන් කරමින් ඊට දෙමළ ඩයස්පෝරාවද නිවේදනයක් නිකුත් කරමින් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

හිටපු ජනපති ගැන සටහන

දෙමළ ඩයස්පෝරාව නිකුත් කළ එම නිවේදනය තුළ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද විශේෂ සටහනක් තිබෙනවා.

ඒ දෙමළ ඩයස්පෝරාව ලංකාව විසින් තහනම් තිබුණද එම දෙමළ ඩයස්පෝරාවේම දිගුවක් වන ගෝලීය දෙමළ සංසදය සමග හිටපු ජනපතිවරයා තුන් වරක්ම සාකච්ඡා කළ බවටයි.

එම සාකච්ඡා පවත්වා තිබෙන්නේ හිටපු ජනපතිවරයා ජනපති ධුරය දරද්දී.

ලන්ඩනය හා බර්ලිනය

ගෝලීය දෙමළ සංසදය සමග 2015 හා 2018 දෙවරක් එංගලන්තයේ ලන්ඩන් නගරයේදීද 2016 දී ජර්මනියේ බර්ලින් නගරයේදීද හිටපු ජනපතිවරයා සමග සාකච්ඡා පැවැත්වූ බව එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු ජනතාවගේ දුක් ගැනවිලි වලට විසඳුම් ලබාදීමට ලබා දීමට හැකි ඕනෑම අයෙකු සමග සාකච්ඡා කිරීමට දෙමළ ඩයස්පෝරාව සූදානම් බවයි හිටපු ජනපතිවරයා මුණ ගැසීමට හේතුව ලෙස එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 10:44