May 11, 2024

මේ රටේ බත් ඇටයටත් කෙලවෙනවා - ලාල්කාන්ත කියයි

September 21, 2021

"අද වන විට ගොවි ජනතාවට පොහොර ප්‍රශ්න ඇතිව තිබෙනවා. මේ මාස් කන්නයෙන් පසු ස්ථිර වශයෙන්ම ආහාර නැති සාගතයක් පැමිණෙනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

අද වන විට රට සමස්තයක් ලෙසම අවසානයකට පැමිණ ඇතැයිද ඔහු පෙන්වා දෙනවා.

"ස්ථිර වශයෙන්ම මේ රටේ බත් ඇටයටත් කෙලවෙනවා. ගොවියන් පාරට බහිනවා. අද ගොවීන්ට පොහොර හදාගන්නයි බොරු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා" ලාල්කාන්ත මහතා පැවසුවා.

ඒ හේතුවෙන් මෙරට තුළ ගොවි අරගලයක් පැමිනීම ස්ථිර බවත්, එය වැළැක්වීමට නොහැකි බවත් ඔහු කියා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 11:49