May 19, 2024

කාලගුණයෙන් පළාත් කිහිපයකට දැනුම් දීමක් Featured

September 21, 2021

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පළාත් කිහිපයක් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (21) දිවයිනේ ඇතම් ප්‍රදේශයන්වලට තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකියි.

සබරගමුව, බස්නාහිර, වයඹ යන පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතව ඇවසි ඇතිවිය හැකි බවයි  කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 07:54