චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දශක හයක සම්ප්‍රදායකට තාවකාලිකව තිත තැබීමට තීන්දු කර තිබෙනවා.
ඒ බණ්ඩාරනායක ගුණ සැමරුම සම්බන්ධයෙන්.
කොවිඩ් වල බලපෑම
පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා මෙවර බණ්ඩාරනායක ගුණ සමරුව වෙනදා මෙන් උත්සවාකාරයෙන් නොපැවැත්වීමටයි හිටපු ජනපතිනිය පියවර ගෙන තිබෙන්නේ.
බණ්ඩාරනායක ගුණ සමරු දිනය සැප්තැම්බර් 26 වෙනි දිනට යෙදී තිබෙනවා.
ශ්‍රීලනිප නිර්මාතෘ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්. ඩී බණ්ඩාරනායක මහතා සහසිකයෙකු අතින් ඝාතනය වූයේ 1959 සැප්තැම්බර් 26 වැනිදා.
ඉන් පසුව ගෙවුණු දශක හය පුරාම සැප්තැම්බර් 26 වැනි දින හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල බණ්ඩාරනායක ගුණ සමරුව අඛණ්ඩවම පැවැත්වුණා.