April 28, 2024

හිටපු ජනපතිට දෙමළ පක්ෂ දෙකක් පොල්ල තියයි

September 19, 2021

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළි එක්සත් ජනතා නිදහස් සන්ධානය බලගැන්වීමටයි කටයුතු කරමින් සිටින්නේ.

බුලත් කොලේ ලකුණ නියෝජනය කරන එ.ජ.නි.ස නායකත්වය දරන්නේද ජනපතිවරයායි.

බුලත් කොලේ යලි කරළියට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වූ එ.ජ.නි.ස යළි සක්‍රීය කිරීමේ ප්‍රථම පියවර ලෙස සාමාජික පක්ෂ අතර සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඊට ආරාධනා කළ පක්ෂ අතුරින් එ.ජ.නි.ස සමග ඉතා දිගු කලක් වැඩ කටයුතු කළ ප්‍රධාන දෙමළ ජාතික පක්ෂ දෙකක් එම රැස්වීම වර්ජනය කර ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

තොණ්ඩමන් හා දේවානන්ද

ඒ ජීවන් තොණ්ඩමන් මහතා නායකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසය සහ ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරන ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි (ඊ.පී.ඩී.පී).

එම පක්ෂ දෙකටද මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස නිල වශයෙන් ආරාධනා කර තිබුණ බවයි ශ්‍රී.ල.නි.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පොඩි අප්පුහාමි

එම දෙමළ පක්ෂ දෙක හැරුණු කොට ආරාධනා කළ පක්ෂ අතුරින් පොඩි අප්පුහාමි මහතා නායකත්වය දරන දේශප්‍රේමී ජනතා පක්ෂයද එම සාකච්ඡාව මඟහැර තිබුණු බව ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එම පක්ෂ තුන හැරුණු කොට එම රැස්වීමට ආරාධනා අර තිබුණු දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකත්වය දරන අසංක නවරත්න යන මහත්වරුන් පමණක් සහභාගි වී සිටි බවයි දැනගන්නට තිබෙන්නේ.

ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂද එ.ජා.නි.ස සන්ධානගත පක්ෂ වන මුත් එම පක්ෂවලට එම රැස්වීමට ආරාධනා කර නොතිබුණු බවත් වාර්තා වනවා.

එ.ජ.නි.ස ආරාධනා කළ මෙම පක්ෂ 5 ම මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන පොදු ජන පෙරමුණේ ද සන්ධානගත පක්ෂ වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 September 2021 21:06