May 19, 2024

ප්‍රබල අකුණු සැර ගැන අනතුරු ඇඟවීමක්

September 17, 2021

ඉදිරි කාලය තුළ දිවයිනේ පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සැර ඇතිවිමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙන්නේ.

අද (17) දහවල් කාලයේ සිට හෙට (18) දිනයේ පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි මෙම ප්‍රබල අකුණු සැර ඇතිවිය හැකි බවටයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් වෙතයි.

එමෙන්ම මහනුවර සහ නුවරඑළිය යව දිස්ත්‍රික්ක තුළත් මෙවැනි ප්‍රබල අකුණු සැර ඇතිවීමේ අවදානමක් පිළිබඳවද  කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් අනතුරු අඟවා තිබෙනවා.

අනතුරු ඇඟවීම නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ජනතාව වෙත පවසා සිටින්නේ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 September 2021 16:16