May 05, 2024

“මම නිහඬව සිටියා - දැන්වත් මේක නවත්වන්න!” මහාචාර්ය නීලිකාගෙන් චෝදනාවක්

September 07, 2021

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කර ඇති බවට ඇය විසින් චෝදනා කර තිබෙනවා.

සිය විනාඩි 40ක කතාවකින් එක් කොටසක් පමණක් උපුටා දක්වමින් වැරැදි අදහසක් නිර්මාණය වන සේ පුවතක් නිර්මාණය කර ඇති බවටයි ඇය මාධ්‍යයට චෝදනා කර සිටියේ.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් ඇය චෝදනා කර සිටියේ පුද්ගලයින් කරනු ලබන ප්‍රකාශයන් වැරදි ලෙස උපුටා දැක්වීම හෝ අන්තර්ගතය විකෘති කිරීමෙන් වළකින ලෙසයි.

තමා කාලයක් පුරාවට නිහඬව සිටි බව පවසන මහාචාර්යවරිය පවසා සිටියේ තමන් කිසිම විටක නොකියූ දෙයක් තමා ප්‍රකාශ කළ බවට සඳහන් කරමින්, තමා කරන විනාඩි 30-40ක පමණ අන්තර්ජාල දේශනයකින් එක වාක්‍යයක් පමණක් ගෙන සමස්ත දේශනයේම අර්ථය බැහැර කර මෙරට මාධ්‍ය විසින් තමාව වැරැදි ලෙස උපුටා දක්වා ඇති බවයි.

මෙරට මාධ්‍ය තමාව ඉලක්ක කර මෙවැනි දේවල් සිදුකිරීම සම්බන්ධයෙන් තමා වෙහෙසට පත්ව සිටින බවද ඇය සිය ෆේස්බුක් සටහන ඔස්සේ පවසා තිබුණා.

එහිදී ඇය සඳහන් කර තිබුණේ “දැන්වත් මෙය නැවැත්විය යුතුයි! ඔවුන් මෙය කරන්නේ ඇයි? මේකට නැවතුමක් නැද්ද?” යනුවෙනි.

තමන් කිසිව විටක නොකියූ ප්‍රකාශයක් පළ කිරීම තුළින් මාධ්‍ය කරන හානිය පිළිබඳව නොදන්නවාද යැයිද ඇය එහිදී ප්‍රශ්න කර සිටියා.

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මෙම ප්‍රකාශය කර තිබුණේ ඇය විසින් පාසල් විවෘත කළ යුතුයැයි පැවසූ බවට පළවූ පුවත් පිළිබඳව අදහස් දක්වමින්.

ඇය තැබූ සම්පුර්ණ ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 10 September 2021 12:45