May 03, 2024

ගමේ මන්ත්‍රී සංඛ්‍යාවේ කැපිල්ලක්: නව නිර්දේශ එයි

September 05, 2021

පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම සඳහා වන නිර්දේශයන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් මැතිවරණ ක්‍රමය සමාලෝචනය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

එම නිර්දේශයන් කාරක සභාව වෙත ලබාදී තිබෙන්නේ මැතිවරණ ක්‍රමය සමාලෝචනය සඳහා පත්කළ කමිටුව විසින්.

ඡන්ද ක්‍රමයේ වෙනසක්

කොට්ඨාශ මට්ටමින් 60% ක් හා සමානුපාතිකව 40% ක් මහජන නියෝජිතයින් පත් කර ගැනීමේ පදනම මත පැවති පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඊට පෙර සිටි මන්ත්‍රීවරුන් මෙන් දෙගුණයක් පත්වීම පිළිබඳව රට තුළ විවේචනයක් ගොඩ නැගුණා .

ඒ අනුව පළාත් පාලන සභික 70% ක් කොට්ඨාශ මට්ටමින්ද ඉතිරි 30% සමානුපාතික ක්‍රමය මත තෝරාපත් කළ යුතු බවට නිර්දේශ ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.කේ රණවීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් සමාලෝචන කමිටුව ඉදිරිපත් කර තිබෙනවා.

තවත් නිර්දේශ කිහිපයක්

ඒ හැරුණුකොට යම් පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කරන පක්ෂ සඳහා ලබාදෙන ප්‍රසාද ආසන සංඛ්‍යාව මෙන්ම පළාත් පාලන නියෝජනයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු වූ වලංගු ඡන්ද සංඛ්‍යාව පිළිබඳවද නිර්දේශයන් ඉදිරිපත්ව තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ අනුව 2.5% ක් හෝ ඊට වඩා ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම නිර්දේශ අතර තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා බහු මන්ත්‍රී ආසන කොට්ඨාස සඳහාද මන්ත්‍රීවරුන් තෝරා ගන්නා ආකාරයද වෙනස් කළ යුතු බවටද එම කමිටුව නිර්දේශ කර තිබෙන බවත් වාර්තා වනවා.

මෙම නිර්දේශ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වෙත ලබා දී තිබෙන්නේ ඉකුත් 2දා.

පළාත් පාලන ආයතන වල කාල සීමාව 2022 පෙබරවාරි 10 වැනිදා අවසන් වීමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 September 2021 09:04