April 27, 2024

සූදානම් වන්න - ඊලඟ පිම්මට මෛත්‍රීගේ සැලසුම එළියට

September 02, 2021

සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සැමරුමට අද (02) සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමිනි.

තාවකාලික පසුබෑම් යනු ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු කරුණක් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

"LTTE ත්‍රස්තවාදයෙන් අත්මිදී වසර 10කට ඇවෑමෙන්, ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීගේ බිහිසුණු සිදුවීමක් සිදුවුණා. එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ද එම ප්‍රහාරයෙන් පසු උද්ගතවූ දේශපාලන  තත්ත්වයන් පිළිබඳව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින්ම දැනුවත්. අභියෝග, මඩගැසීම්, නින්දා, අපහාස, තාවකාලික පසුබෑම් ආදිය ඕනම පක්ෂයකට ඒවා පොදු කරුණු. සියලු බලවේග සමග දැය දිනවන්න සූදානමින් සිටින්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා." යැයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, ඇමති මහින්ද අමරවීර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පාර්ලිමේන්‍තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, මහාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 03 September 2021 10:51