May 02, 2024

වසංගතය විකුණාගෙන කන මුදලාලිලාට ඇල්ලේ ගුණවංශ හිමිගෙන් පණිවිඩයක්

September 02, 2021

මේ , ව්‍යසනය හමුවේ ජනතාව දුකින් කඳුලින් ජීවිතේ ගෙවන අවස්ථාවක් බවයි කොළඹ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ.

එලොවත් මෙලොවත් නැහැ

එවන් අවස්ථාවක ජනතාවගේ දුක කඳුල නොසලකා අනවශ්‍ය විදිහට මුදල් හරිහම්බ කරන අයට ඒ පාපයෙන් කිසි දිනෙක මිදීමට නොහැකි බවත් ඔවුනට මෙලොවත් පරලොවත් යහපතක් නොවන බවත් උන් වහන්සේ පෙන්වා දෙනවා.

උන් වහන්සේ මේ අදහස් පල කලේ කිසි ප්‍රමිතියක් නැති ඉතා බාල වර්ගයේ වෛද්‍ය උපකරණ ඉතා අසාධාරණ මිලට අලෙවි කිරිමට ප්‍රතිචාර ලෙසයි.

සෞඛ්‍ය සේවාවේත් දූෂණ

මේ වසංගත අවස්ථාවේ සෞඛ්‍ය සේවාව තුළද වංචා දූෂණ රැසක් සිදු වන බව පෙන්වා දෙන උන්වහන්සේ ඒවා හෙළිදරව් කිරීමට මේ අවස්ථාව නොවන බවත් සඳහන් කරනවා.

මේ අවස්ථාවේ රට බේරා ගැනීමට , ජනතාව බේරා ගැනීමට ප්‍රමුඛතාවය යොමු කළ යුතු බවයි උන්වහන්සේ අවධානය කරන්නේ.

එහෙත් අවශ්‍ය නම් සෞඛ්‍ය සේවාවේ මේ අවස්ථාවේ සිදුවන දූෂණ හා වංචා පිළිබඳව තොරතුරු ෆයිල් පිටින් තමන් වහන්සේ ලඟ තිබෙන බවත් මතක් කර දෙනවා.

නිලධාරීන්ගේ ප්‍රතිචාර

ජනපතිවරයාට පරිපාලන හැකියාවක් තිබුණද ඔහු දෙන විධිවිධාන නිලධාරීන් ක්‍රියාත්මක නොකරන බවත් උන් වහන්සේ අවධාරණය කරනවා.

තමන් දෙන විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පියවර ගැනීමේ වගකීම තිබෙන්නෙත් ජනපතිවරයාට බව පෙන්වා දෙන උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම නිසා ජනපතිවරයාවත් විවේචනය කිරීමට සිදුව තිබෙන බවයි මතක් කර දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 02 September 2021 05:00

Related items