May 02, 2024

නැගෙනහිර ජැටිය ගැන කියලා දෙන්න ආපු ඇමතිට කියන්න ඕනේ ටික කියලම යවයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් කොළඹ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැනුවත් කිරීමට විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.

"වරායේ නැගෙනහිර ජැටිය විකුණන එක ගැන කතා කරන්නද ආවේ. මම නම් විරුද්ධයි. ඕක කතා කරන්න මෙතනට මාධ්‍ය අවශ්‍ය නෑ. නැගෙනහිර ජැටිය ජාතික සම්පතක්. එවැනි ජාතික සම්පත් විකිණීම ගැන ජාතික සම්පත් මණ්ඩලයක් ස්ථාපිත කොට තීන්දු ගත යුතුයි" යැයි පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අබේගුණවර්ධන  අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කොට තිබෙන බවද දැනගන්නට තිබේ.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැකීමට පැමිණියේ කැමරා ආම්පන්න සහිත පුද්ගලයන් පිරිසක් සමඟය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇල්ලේ ගුණවංශ හිමියන් දැක්වූ ප්‍රතිචාර හමුවේ අබේගුණවර්ධන අමාත්‍යවරයාට හිස් අතින්ම ආපසු යෑමට සිදුවිය.

Rate this item
(2 votes)
Last modified on Saturday, 02 January 2021 14:23

Related items