May 08, 2024

ආර්ථිකය අවුල්: 5000 නම් බැහැ - මෙච්චරයි පුළුවන්: ශ්‍රීලනිප මහ ලේකම්

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බැව් සඳහන් කරන්නේ පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

පළාත් පාලන මට්ටමිනුත් සහයෝගය

පළාත් පාලන මට්ටමින්ද ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 1400කට වැඩි පිරිසක් සිටින බව පෙන්වා දෙන පක්ෂ මහලේකම්වරයා ඔවුන්ගෙන්ද කොවිඩ් අරමුදලට යම් දායකත්වයක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමු කර තිබෙන බවත් සඳහන් කරනවා.

රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බවයි මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

ඒ නිසා ඊයේ (20) සිට රට දින 10 කට වසා දැමීමේදී ජනතාවට ලබා දීමට හැකි සහනවල සීමාවද ජයසේකර සඳහන් කරනවා.

දෙන්න පුළුවන් මෙච්චරයි

ආර්ථිකය තිබෙන තත්ත්වය මත කලින් වතාවේ මෙන් රු.5000ක් මෙවර දීමට නොහැකි බවත් රු.2000ක පමණ මුදලක් දිය හැකි බවයි මහ ලේකම්වරයාගේ අදහස වන්නේ.

ශ්‍රී.ල.නි.පය පොදුජන පෙරමුණ සන්ධානයේ දෙවැනි විශාලතම කොටස්කාර පාර්ශවය වනවා.

එහෙත් එම සන්ධානයේ ප්‍රධානතම පාර්ශවය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් සිය මන්ත්‍රීවරුන්ගේ වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන බවක් දැනුම් දී නැහැ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 August 2021 00:51

Related items