May 05, 2024

හිටපු ජනපති යළි පෙරට: සර්ව පාක්ෂික රැස්වීමක් ඉල්ලයි Featured

හිටපු ජනපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා කල් යල් බලා, නිහඬතාවය බිඳිමින් යෝජනාවක් ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවන ලෙසටයි.

යෝජනාව ජනපතිට

ජනපතිවරයා යෝජනාව කරන්නේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතටයි.

හිටපු ජනපතිවරයා මෙම යෝජනාව කළේ ඊයේ (17) පාර්ලිමේන්තුව අමතමින්.

සර්ව පාක්ෂික හමුවක වැදගත්කම

දැඩි උග්‍ර අතට හැරී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට මුහුණ දීම සඳහා සියලු පක්ෂ සම්බන්ධ කර ගැනීමට සුදුසු මේ අවස්ථාව බවයි හිටපු ජනපතිවරයා සිය කතාවේදී පෙන්වා දුන්නේ.

හිටපු ජනපතිවරයා එම ධුරයට පත්වීමට පෙර  හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වනවා

කොවිඩ් වසංගත තත්ත්වයට වත්මන් ජනපතිවරයා සහ සෞඛ්‍ය අංශ දෙන නායකත්වයද හිටපු ජනපතිවරයා සිය කතාවේ දී අගය කිරීමට ලක් කළා.

ආණ්ඩුවේ දෙවැනි විශාලතම පාර්ශවය

සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී.ල.නි.පය මමත් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ දෙවැනි විශාලතම පාර්ශවයයි.

ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු වත්මන් ආණ්ඩුවේ සිටිනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 18 August 2021 00:53