May 05, 2024

පෙරටුගාමීන් මෛත්‍රී පිලට! ඉදිරියේදී තවත් හමුවක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

එහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

කොළඹ 07, මහගමසේකර මාවතේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ පැවැත්වුණු එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් චමීර කොස්වත්ත, රවීන්ද්‍ර මුදලිගේ, පුබුදු ජයගොඩ යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

ගුරු අරගලය, පොහොර ප්‍රශ්නය, කොතලාවල පනත, ලංකාවට එල්ල වන භූ-දේශපාලනික ආතතීන් ආදිය එහිදී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර එම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සදහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 12:32