May 05, 2024

මෛත්‍රීපාල සිරිසේන කුහකයෙක්: මංගල කියයි - හේතුන්ද පෙන්වා දෙයි

යළිත් මේ දිනවල මතභේදාත්මක දේශපාලන චරිතයක් වන මංගල සමරවීර මහතා කරළියට පැමිණ තිබෙන්නේ "සැබෑ දේශප්‍රේමියෝ" නම් මැද මාවතේ රැඩිකල් සමාජ ව්‍යාපාරයක් සමඟයි.

ඒ සම්බන්ධයෙන් සති අන්ත ජාතික පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී තමන් ඇතුළු පිරිසක් මුල් වී ජනපති ධුරයට පත් කළ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලනය ප්‍රතිපත්තීන් පිළිබඳව විග්‍රහයන්ද කර තිබෙනවා.

කුහක මානසිකත්වය

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබෙන්නේ යල් පැනපු කුහක සමාජවාදී මානසිකත්වයක් බවයි මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිවරයා සියලු පාර්ශව වල ඡන්දය දිනා ගැනීමට පැලඳූ වෙස් මුහුණ ඡන්දය දිනා ජනපති වීමෙන් පසු වූ නොතිබුණු බවයි සමරවීර මහතා සඳහන් කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීම සඳහා පැලඳූ වෙස් මුහුණ ඔහු ජනපති වී වසරක් යන විට ගැලවුන බවයි සමරවීර මහතාගේ මතය වන්නේ.

රාජපක්ෂ විරෝධයට එකතු වීම

රාජපක්ෂ විරෝධයට සියලු දෙනා එකතු වුණත් රට පාලනයේදී සිරිසේන මහතා සහ තමන් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය අතර තිබුනේ හාත්පසින්ම වෙනස් මතවාදයන් බව පෙන්වා දෙන සමරවීර මහතා ඊට හොඳම උදාහරණය විධායක ජනපති ජනපති ධූරය සම්බන්ධයෙන් නැගුණු මතවාදය බවයි සඳහන් කරන්නේ.

පිරිසක් එය අහෝසි කළ යුතු බවත් තවත් පිරිසක් එහි බලතල අඩු කළ යුතු බවත් සඳහන් කළ බව පෙන්වා දෙන සමරවීර මහතා ආර්ථික , සමාජයීය හා ජාත්‍යන්තර වශයෙන් පරස්පර අදහස් තිබෙන අය එකතු වූ විට එය සාර්ථක වන්නේ නැති බව පෙන්වා දෙන්නේ සිරිසේන මහතා ඉලක්ක කරමින්.

එහෙත් සමරවීර මහතා එවැනි විවේචනයකට ලක් කරන හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුවේ විදේශ කටයුතු සහ මුදල් යන ප්‍රබල අමාත්‍යධුර දෙකෙහි කටයුතු කලා.

Rate this item
(4 votes)
Last modified on Sunday, 01 August 2021 18:21