May 05, 2024

මෛත්‍රීගෙන් දයාසිරිට දැඩි අවවාද

ව්‍යායාම සදහා බයිසිකල් පදිනවා නම් ආරක්ෂාව ඇති පිට්ටනියක වැනි ස්ථානයක එම කටයුත්ත කරගෙන යන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතාට අවවාදයක් දෙමින් පවසා තිබෙනවා.

"දයාසිරි මම ඔයාට අවවාදයක් හැටියට තමයි මේ කතාව කියන්නේ. ඔයා උදෑසන තනියෙන් බයිසිකල් පදිනවා. ඒක අවදානම් වැඩක් බයිසිකල් පදිනවා නම් ආරක්ෂාව තියෙන පිට්ටනියක වගේ තැනක බයිසිකල් පදින්න." යැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවෙන් පසු හිටපු ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් දිවා ආහාරය ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක සුදානම් කොට තිබුණා.

එම අවස්ථාවේ දි හිටපු ජනාධිපතිවරයා දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයාට මේ බව ප්‍රකාශ කොට තිබෙනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 31 July 2021 00:20