May 09, 2024

"පොහොට්ටුවේ අයට මුල අමතකයි" - දයාසිරි ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

මුල අමතක අය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැමුන්ට මුල අමතක වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු පිරිසක් සිදු කළ විවේචනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී ජයසේකර මහතා මෙම අදහස් පළ කළා.

සිය සහයෙන් මැතිවරණය ජයගැනීම අවතක්සේරු නොකරන ලෙසටත්, කරුණාකර නැවත හැරී බලන ලෙසටත් දිලුම් අමුණුගම මහතාට තමන් පවසන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

අපි නැත්නම් ජනපතිත් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති නම් වර්තමාන ආණ්ඩුව ද නැති බව යි දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ.

එමෙන්ම තම පක්ෂය නොමැති වූයේ නම් වර්තමාන ජනාධිපතිවරයාට ද බලයට පත් විය නොහැකි බව ඔහු පවසා සිටියා.

එබැවින් ඉතිහාසය අමතක කරන්නේ නම් එය මහා කුහක කමක් බව ද නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවා.

ඉල්ලා අස්වෙන්න ලෑස්තියි

මේ අතර සිය අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එය සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ද දැනුම් දීමට කටයුතු කළ බව යි ඔහු අනාවරණය කළේ.

සිය අමාත්‍යධූරය භාර ගැනීමට කැමති අයෙකු සිටින්නේ නම් ඉදිරිපත්වන ලෙස ඔහු එහි දී සඳහන් කළ බව ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.

මෙම අමාත්‍යධූරවල සදාකල් රැඳී සිටීමේ බලාපොරාත්තුවක් නොමැති බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 12:20

Related items