May 05, 2024

බැසිල්ගේ ගමන වෙනුවෙන් පොහොට්ටු මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිිබෙනවා.

ඒ එම පක්ෂ ජාතික ලැයිස්තුව ඔස්සේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩ ප්‍රස්ථාව ලබා දීමට යි.

ඉල්ලා අස්වීමෙන් අනතුරුව කැටගොඩ මහතා ප්‍රකාශ කළේ තමන් එය සිදු කළේ ඉතාමත් සතුටින් බවයි.

රට වෙනුවෙනුත් පක්ෂය වෙනුවෙනුත් මෙලෙස සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 12:01