May 02, 2024

අසේල සම්පත්ව රැගෙන ගිය අය ගැන හෙළිවෙයි

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වන අසේල සම්පත්ව අද (25) රාත්‍රීයේ ඔහුගේ නිවසට පැමිණි 20 දෙනෙකු පමණ පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට ඔහුගේ දියණිය විසින් ෆේස්බුක් සජීවි විකාශයක් ඔස්සේ පවසා සිටියා.

මෙම පැමිණි පිරිස කිසිදු ආකාරයක වරෙන්තුවක් හෝ වෙනත් අනන්‍යතාවය පෙන්වන හැඳුනුම්පතක් ඉදිරිපත් නොකළ බවත්, තමන් සි.අයි.ඩී යෙන් පමණක් පවසා තම පියාව රැගෙන ගිය බවට එහිදී ඇය සඳහන් කර තිබුණා.

අසේල සම්පත්ගේ බිරිඳ විසින් සඳහන් කර සිටියේ තම සැමියාව බෙල්ලෙන් අල්ලාගෙන වාහනය තුළට දමාගන්න ආකාරය දුටු බවත්, දරුවන් තම පියාව බේරා ගැනීමට උත්සාහ කළත් පැමිණි පිරිසගේ හැඩිදැඩි භාවය හමුවේ එය සිදුකළ නොහැකි වූ බවත්, ඔවුන් විසින් දරුවන් තල්ලු කර දැමූ බවත් ඇය මාධ්‍ය වෙත පැවසුවා.

මාධ්‍ය නාලිකාවක් විසින් මේ පිළිබඳව පොලිස් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ අසේල සම්පත්ව රැගෙන ගියේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් බවයි.

සැබැඳි පුවත -

අසේල සම්පත්ව සුදු වෑන් එකකින් පැහැර ගනී (VIDEO)

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 23:34