April 28, 2024

බැඳුම්කර සිද්ධිය ගැන අමුතු අනාවරණයක්

මහබැංකු බැඳුම්කර සිද්ධිය හරහා ශ්‍රී ලංකාවට රුපියලක හෝ අලාභයක් සිදු වී නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ මහලේකම් පාලිත රංගෙබණ්ඩාර මෙම අදහස් පළ කළේ අද (16) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

බැඳුම්කර සිද්ධිය හරහා මෙරටට රුපියලක හෝ අලාභයක් සිදුවී ඇතැයි හැකිනම් ඔප්පු කරන ලෙසට යි ඔහු එහි දී අභියෝග කර සිටියේ.

බිලියන 12ක් භාණ්ඩාගාරයේ රඳවාගෙන ඇති බවත්, එවැනි පසුබිමක බිලියන 11ක් සම්බන්ධව කතාකරන බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව අලාභයක් නොව බැඳුම්කර සිද්ධිය හරහා අලාභයක් සිදු කොට නොමැති බවත්, ලාභයක් සිදුකොට භාරදී ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

"අලාභයක් ද කරලා තියෙන්නේ? ලාභයක් කරලානෙ දීලා තියෙන්නේ. මේක තේරෙන්නෙ නැති ඔළ මොට්ටලයින්ට නම් ඉතින් අපිට කරන්න දෙයක් නෑ" යනුවෙන් ද රංගෙබණ්ඩාර මහතා පවසා සිටියා

Rate this item
(0 votes)