May 18, 2024

පොහොට්ටු ලේකම්ගේ නිවේදනය ගැන මහින්දගෙන් ප්‍රකාශයක්!

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව සහ ඉන්ධන මිල ඉහළ දැමීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතික පුවත්පතකට අදහස් පළ කර තිබෙනවා.

අගමැතිවරයා එහිදී පෙන්වා දී තිබෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් ඉන්ධන මිල ඉහළ නොදමා මෙතෙක් කාලයක් පවත්වාගෙන ආ බවත් තත්ත්වය අසීරුවීම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ බවයි.

මෙය තාවකාලික පියවරක් බවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත ගිය වහාම ශ‍්‍රී ලංකාවේද ඉන්ධන මිල පහත දමන බවත් අගමැතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වය ගැන තමා හොඳින් දන්නා බවත් මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමුවේ වෙනත් විකල්පයක් නැති නිසා යැයිද අගමැතිවරයා පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව නිකුත් කර ඇති නිවේදනය ගැන පිළිබඳ අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ ඕනෑම කෙනකුට අදහස් පළකිරීමේ අයිතියක් ඇති බවත් එනිසා එය ප‍්‍රශ්නයක් බවට පත්කර නොගන්නා ලෙසය.

Rate this item
(0 votes)