May 12, 2024

මෛත්‍රීට චීනෙන් දුන් තෑග්ග හෙට ජනතා අයිතියට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 වසරේදී සිදුකළ පළමු චීන නිල සංචාරය අතරතුරදී චීන ජනාධිපති සී ජී පින් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව වකුගඩු රෝහල ග්‍රී ලංකාවට පරිත්‍යාග කළා.

එම රෝහල වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 12000ක්.

නවීනතම උපකරණ වලින් සමන්විත ලංකාවේ ඉදිවී තිබෙන නවීනතම අධිතාක්ෂණික රෝහල වන්නේ පොළොන්නරුවේ ඉදිවූ මෙම වකුගඩු රෝහලයි.

නේවාසිකව එකවර රෝගීන් 200ක් ප්‍රතිකාර ලබාගත හැකි අතර එක් අවස්ථාවකදී රුධිර කාන්දුකරණය සිදුකළ හැකි රෝගීන් ප්‍රමාණය 100ක් වෙනවා.

දැඩි සත්කාර ඒකක 02 ක් ශල්‍යාගාර 05ක් සමග සම්මන්ත්‍රණ ශාලා මෙන්ම වෛද්‍යවරුන්ට හෙද හෙදියන් නේවාසිකාගාර වලින්ද සමන්විත මෙම රෝහල ආසියාවේ නවීනතම සහ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලයි.

හෙට (11) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සමග චීන තානාපතිවරයාගේද සහභාගීත්වයෙන් මෙම රෝහල විවෘත කිරීමට නියමිතයි.

May be an image of outdoors

May be an image of standing, office, indoor and hospital

May be an image of indoor

May be an image of hospital and indoor

May be an image of indoor

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 June 2021 13:46