May 17, 2024

ටොන් 30ක විෂ ඊයම් ලංකාවේ පසට එක් කිරීමේ සූදානමක්?

කාබනික පොහොර වැනි යමක් විදේශයකින් ආනයනය කළහොත් ඒ සමග මුසු වී බැර ලෝහ විශාල ප්‍රමාණයක් මෙරට පරිසර පද්ධතියට එකතුවීමේ සම්භාවිතාවක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.

කාබනික පොහොරක් තුළ ඊයම් තිබිය හැකි උපරිම ප්‍රමාණය මිලියනයකට කොටස් 30ක් බවට අර්ථ දක්වා ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ අනුව ලබන මහ කන්නය තුළ පමණක් මෙරට පසට එකතු විය හැකි ඊයම් ප්‍රමාණය ටොන් 30ක් වන බව ඔහු පෙන්වා දෙනවා. 

එමෙන්ම ශාක සහ සත්ත්ව කොටස් ඇතුළු දිරාපත්වන දෙයක් වුව ද මෙරටට ආනයනය කිරීම සඳහා අවසරයක් නොමැති බව ඔහු අවධාරණය කළා.

එලෙස විදෙස් කාබනික පොහොර ගෙන ආවොත් අපගේ කෘෂිකර්මාන්තයට පමණක් නොව පරිසර පද්ධතියට ද දැඩි අහිතකර බලපෑම් ඇතිවීම සිදුවන බව ඔහු ප්‍රකාශ කොට සිටියා.

විෂ සහිත ද්‍රව්‍යයක්වන ඊයම් හේතුවෙන් විවිධ රෝගාබාධ හටගැනීමේ ඉඩකඩ බවතින අතර මොළය සහ ස්නායු පද්ධතියට ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකියි.

ශ්‍රී ලංකාව ඇතුළත් දකුණු ආසියාව මේවන විටත් ලැයිස්තුගත කොට ඇත්තේ ඊයම් විෂ වීම් වැඩියෙන්ම වාර්තාවන කලාපයක් ලෙසට යි. 

Rate this item
(5 votes)
Last modified on Saturday, 05 June 2021 20:49