May 22, 2024

ලෝකයම බියට පත් කළ චීන රොකොට්ටුව පෘථිවිය කඩා වැටෙයි - වැටී තියෙන්නේ ශ්‍රී ලංකාවටත් ආසන්න තැනකට

ලෝක‍යාම බියට පත් කරමින් තිබූ චීන රොකොට්ටුව අද (09) දිනයේ දී අපේක්ෂා කළ අයුරින්ම කඩා වැටි ඇති බවට වාර්තා වෙයි.

මෙම රොකොට්ටුව ඉන්දියානු සාගරයට වැටෙන්නට ඇති බවට මෙම Long March-5b රොකොට්ටුවේ ගමන් මාර්ගය අධීක්ෂණය කළ වෙබ් අඩවි පෙන්වා දෙයි.

මෙම කඩා වැටීම වාර්තා වී තිබුණේ මාලදිවයිනට ආසන්න ඉන්දීයානු සාගරයේ ස්ථානයකට බවටද නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම රොකට්ටුව පෘථීවි වායුගෝලය හරහා සාගරය දෙසට කඩා වැටෙන අවස්ථාවේ එය කැබලිවලට කැඩී යන්නට ඇති බවත් චීන අභ්‍යාවකාශ බලධාරීන් සඳහන් කරයි.

බොහෝ අභ්‍යාවකාශ විද්‍යාඥයින් සහ නිරික්ෂකයන් මෙම රොකොට්ටුව සාගරයට කඩා වැටීමට ඇති ඉඩකඩ පිළිබඳව සඳහන් කළ අතර ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානීද මෙය සාගරයට කඩා වැටීමට ඇති වැඩි ඉඩකඩක් ඇති බවට සඳහන් කළේය.

ඔවුන් එයට හේතුව ලෙස සඳහන් කර තිබුණේ පෘථිවියේ 70%ක් පමණ සාගරයෙන් යට වී තිබීමයි.

ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් මෙයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටින බවටද මතයක් පළ වූ අතර ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානී විසින් එය ප්‍රතික්ෂේප කර තිබුණි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 10 May 2021 10:53