May 05, 2024

තම ඇමතිවරියගේ යෝජනාව විසි කරන ජනපති සමග විපක්ෂයට මොන එකඟතාද? - නලින්ද ජයතිස්ස

විෂය දන්න වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගෙන එන එන යෝජනාවන් අල්ලා වීසිකරන ජනපති අන් අයගේ යෝජනාවන් වලට ඇහුම්කන් දෙතැයි යන්න සිතීම විහිළුවක් බව වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ප්‍රජා සෞඛ්‍ය විෂය පිළිබඳ විශේෂඥවරියක් වන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිංහල - හින්දු අලුත් අවුරුද්දට පෙර ඉදිරියේදී කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඇතිවිය හැකි වියසනයක් පෙන්වා දෙමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ජනපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත් ජනපතිවරයා එම යෝජනා අල්ලා විසි කළ බවද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ජනපතිවරයා තමන්ගේම ආණ්ඩුව නියෝජනය කරන විෂය දන්න රාජ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ වැඩපිළිවෙළට මෙසේ ප්‍රතිචාර දක්වන්නේ නම් අන් පක්ෂවල සහයෝගය ලබා ගන්නේ කෙසේ දැයි යන්න ද ජයතිස්ස මහතා ප්‍රශ්න කරයි.

වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ වැනි සෞඛ්‍ය විෂය ගැන පුළුල් අවබෝධයක් ඇති ඇමතිවරියක් ආණ්ඩුවේ සිටීම එක්තරා ආකාරයකින් එය ආණ්ඩුවේ වාසනාවක්  වුවද ඉන් ප්‍රයෝජනයක් නොගන්නා බවද බව ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ප්‍රථමයෙන්ම ආණ්ඩුව කළ යුත්තේ වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කොට ඉන්පසු ඊට විපක්ෂයේ පක්ෂ වල සහය ලබා ගැනීමට කටයුතු කිරිම ලෙස ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 May 2021 19:25