May 04, 2024

ඇමැතිවරු රැසක් මැද දේවානි උණුසුම් මත ගැටුමක! “අපරාධකරුවෙකුට අවසර දෙන්න බෑ“ (VIDEO)

ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය සහ අමාත්‍යවරුන් පිරිසක් අතර ඊයේ(30) පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී උණුසුම් සංවාදයක් ඇතිවිය.

මෙම කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බවත් සම්බන්ධීකරණ කමිටුවේදී අණරවණය විය.

මෙම ව්‍යාපෘතියට නිර්දේශ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඉල්ලා සිටි අවස්ථාවේ දී දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවය.

රාජ්‍ය ඇමති නිමල් ලංසා, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ අඩවි වන නිලධාරිනිය අතර මතභේදාත්මක තත්වය ඇති වූයේ එම අවස්ථාවේදීය.

දේවානි ජයතිලක මහත්මිය සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය පෙර වන අපරාධකරුවකුටම ලබාදීම සදහා තමනට අනුමැතිය දිය නොහැකි බවයි.

රාජ්‍ය නිලධාරීන් වන තමන්ට මේ සඳහා පීඩනය එල්ල නොකර අදාළ අංශ හරහා කඩොලාන පද්ධතියේ පුරවන ලද පස් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද ඇය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් මෙහිදී ඇමතිවරුන් සහ ඇය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

Rate this item
(0 votes)

Related items