May 11, 2024

ජනමාධ්‍ය හැසිරීම කණගාටුදායකයි: කොමිසමේ මම දුන්නු සාක්ෂි නෙමෙයි එළියට ආවේ - හිටපු ජනපති

පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනපති කොම්ෂන් වාර්තාව පිළිබඳව පැවැති විවාදයේදී මතභේදාත්මක කරුණු රැසක් හෙළිදරව් කළ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා ජනමාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන්ද බරපතළ විවේචනයක් එල්ල කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දීම සඳහා තමා දවස් 9 ක් ගිය බවත් ඒ ගිය දින 9 දී ඇතැම් ජනමාධ්‍ය කටයුතු කළ ආකාරය කණගාටුදායක බවට හිටපු ජනපතිවරයා චෝදනා කරයි.

ලෝකය පුරාම වැරදි මත ජනමාධ්‍ය තුළින් ගලා යන බව සඳහන් කළ හිටපු ජනපතිවරයා තමා කොමිසම තුළ දුන් සාක්ෂි වලට වඩා වෙනස් ආකාරයට වචන හසුරුවමින් ජනතාවට වැරදි මතයක් දුන් බවද හෙළිදරව් කරයි.

රටේ ඇතිව තිබූ භාෂණයේ නිදහස නැවත ලබා දුන්නේ තමා බවත්, මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය ඕනෑම අයෙක් විවේචනය කරන්නේ ඒ නිදහස නිසා බවත් එම නිදහස නැති වුණ දාට තමන්ගේ අගය දැනෙනු ඇති බවට ප්‍රකාශ හිටපු ජනපතිවරයා විසින් කිහිප වතාවක්ම ප්‍රසිද්ධියේ කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 March 2021 16:23