May 01, 2024

(EXCLUSIVE) තව සුළු මොහොතකින් ඡන්දය: ඉන්දියාවේ ස්ථාවරය අපැහැදිලියි - හිටපු මානව හිමිකම් ඇමති Featured

තව සුළු මොහොතකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති යෝජනාවන්ට ඡන්දයක් ගන්නා බව මහින්ද සමරසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා ඒ්ෂියන් මිරර් වෙත සඳහන් කළේය.

මෙම ඡන්දයේදී ඉන්දියාවේ ස්ථාවරය තාමත් ප්‍රකාශ කොට නොමැති අතර ඉන්දියාවේ ස්ථාවරය ගැන හරිහැටි යමක් ප්‍රකාශ කළ නොහැකි බව පෙන්වා දෙන හිටපු මානව හිමිකම් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයෙකුද වන සමරසිංහ මහතා ඇතැම් විට ඉන්දියාව නිහඬව සිටීමටත් හැකි බව පෙන්වා දෙයි.

දෙරට අතර ඇතිවී තිබෙන වත්මන් උණුසුම්කාරී තත්ත්වය මත ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවට හිමි වෙතැයි විශ්වාසය තැබීමට අසීරු බව සමරසිංහ මහතා අවධාරණය කරයි.

එහෙත් මීට ඉහත වතාවත්වලදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයෙහි යෝජනාවන් පැමිණි අවස්ථාවන්හිදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි අතර ඉන්දියාවට හිතවත් රටවල් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

මහින්ද සමරසිංහ හිටපු මානව හිමිකම් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ තව ටික වෙලාවකින් මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ස්ථාවරය පිළිබඳව ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

Rate this item
(7 votes)
Last modified on Tuesday, 23 March 2021 14:42

Related items