April 20, 2024

20ට පක්ෂව ඡන්දය දුන් ආණ්ඩුවේ ජේෂ්ඨයින් කැබිනට් අමාත්‍යධූර බලාපොරොත්තු වෙයි Featured

November 01, 2020

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා සහයෝගය දුන් ආණ්ඩුවේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් කැබිනට් අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි .

ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී.දිසානායක, මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් එම පිරිසට අයත් වේ .

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩුවේ ජේෂ්ඨයන් වන තමන් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කිසිදු බාධාවකින් හා ප්‍රශ්න කිරීමකින් තොරව සිය සහයෝගය ලබා දුන් බවත්, තමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම තුළදී ආණ්ඩුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් තමන් ද කැබිනට් මණ්ඩල අමාත්‍යධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වනු ඇති බවට පසුගිය කාලය පුරාම වාර්තා පළ විය.

සම්මත වූ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අනුව කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් 30ට සීමා වී තිබේ .

මේ වන විට කැබිනට් මණ්ඩලයට පත් කර තිබෙන්නේ සාමාජිකයන් 26 දෙනකු පමණක් වන අතර පුරප්පාඩු හතරක් තවමත් ඉතිරිව තිබේ.

Last modified on Sunday, 01 November 2020 16:58

Related items