May 07, 2024

ඒ අසිරිමත් මොහොත උදා වූයේ අදට හරියටම වසර 25 කට පෙරය

ශ්‍රී ලංකාව සිය ක්‍රීඩා ඉතිහාසයේ ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයට අදට වසර 25 ක් සපිරේ.

1996 මාර්තු 17 වැනි දින පාකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති අවසාන මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව පරදා කඩුළු හතක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ලෝක උරුමක්කාරයින් බවට පත්විය.

සමස්ථ තරඟාවලියේ වීරයා ලෙස සනත් ජයසූරියද, අවසන් තරගයේ වීරයා ලෙස අරවින්ද ද සිල්වා නම් කෙරුණු අතර එවකට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ මහත්මිය අතින් අර්ජුන රණතුංග ලෝක කුසලානය සිය සුරතට ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දීය.

එවකට මෙරට පැවතියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල බලපෑම් වලටද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට මුහුණ දීමට සිදුවූවත් ඒ සියලු අභියෝග පරාජය කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් පිල ලැබූ එම ජයග්‍රහනය අදටත් දෙවැනි වන්නේ 2019 මැයි 19 ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කර ලැබූ ජයග්‍රහණයට පමණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 March 2021 11:18