April 30, 2024

අගමැති මහින්දගෙන් අලුත් බලධාරියෙක්! අණ පනතුත් වෙනස් කරයි

ණය ගෙවීම් පැහැර හැරීම නිසාවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

මෙහිදී ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දී ඇත.

මෙහිදී අණපනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (15) මුදල් අමාත්‍යංශයේ පැවැති හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)