April 26, 2024

රාජ්‍ය ආයතන 3ක් අහෝසි කර එක් අධිකාරියක් පිහිටුවයි

ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රය නියාමනය වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්‌යේෂණ ආයතනය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය යන ආයතන තුන ඒකාබද්ධ කිරීම සඳහා පොල් සංවර්ධන පනත සංශෝධනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

එහි දී කප්රුක අරමුදල් කළමනාකරණ පනතද අහෝසි කෙරෙන අතර එහි කාර්යයන් පොල් සංවර්ධන පනතට ඇතුළත් කිරීමට නියමිතය. පනත සංශෝධනය කර පොල් වගා හා ආශ්‍රිත කර්මාන්ත සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

මෙම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොවීම හේතුවෙන් පාරිභෝගිකයාට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ පොල් ගෙඩි අස්වැන්න මිලියන 3100ක් වන අතර ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට පොල් වගාව සංවර්ධනය වී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පෙන්වා දෙයි. දිවයින පුරා හෙක්ටයාර හාරලක්ෂ හතළිස් තුන්දහස් හයසිය තිස් අටක පොල් වගා කර ඇත.

Rate this item
(1 Vote)