April 24, 2024

ඊලඟට පොල් - පොල් තෙල් මිල ඉහළට Featured

වාර්ෂික පොල් අස්වැන්නේ අඩුවීමක් පවතින නිසා පොල් ගෙඩි සහ පොල් තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

වාර්ෂික පොල් අවශ්‍යතාව ගෙඩි බිලියන 4.9ක් වුවත් මෙවර ගෙඩි බිලියන 1.9ක හිඟයක් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

රජය නිසි වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ නම් පෙබරවාරි මස පමණ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 120.00ක් 130ක් ලෙස ඉහළ යා හැකි බව ද ඔහු පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදීය.

Rate this item
(1 Vote)