කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තා කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ බව කියන ඖෂධය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබේ.
ඒ පිළිබඳව ධම්මික බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බවය.
කෙසේ වෙතත්, ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ප්‍රකාශ කළේය.