ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් වෛරසය ආසාදිත බවට හඳුනා ගෙන තිබේ.
මේ බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
තමන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා ඇතුළත් වන බව ද සඳහන් සටහනේ සදහන්ය.
ගතවූ දින දහය ඇතුළත තමන් හා සම්බන්ධ වූ පුද්ගලයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පිරිවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.