May 21, 2024

කොරෝනා හැදුවේ චීනයද? - හොයන්න ගිය පර්යේෂකයන්ට චීනයට ඇතුළු වීමට ඉඩ නොදෙයි

කොරෝනා වෛරසයේ මුලාරම්භය සෙවීම සඳහා දිර්ඝ කාලයත් තිස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද පරික්ෂණවල එක් කොටසක් ලෙස කොරෝනා වෛරසයේ ආරම්භක ස්ථානය ලෙස සලකනු ලබන චීනයේ වුහාන් නගරයට මෙම වසරේ ජනවාරි මුල් සතියේ දී විශේෂඥ පර්යේෂකයන් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පිටත් කිරීමට නියමිතව තිබුණි.

නමුත් මෙම කණ්ඩායමට චීනයට ඇතුළු වීමට සඳහා මෙතෙක් අවසර ලබා දී නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් විසින් ප්‍රකාශ කර ඇති අතර තමන් ඒ පිළිබඳව කනස්සල්ලයට පත් වන බවද ඔහු විසින් පවසා තිබේ.

මේ වන විටත් එම පර්යේෂකයන් පිරිසගෙන් දෙදෙනෙකු චීනය බලා ගොස් ඇති අතර ඉන් එක් අයෙකු නැවත පැමිණ ඇති අතර අනිත් පුද්ගලයා වෙනත් රටකට ගොස් ඇති බව සඳහන් වෙයි.

මීට පෙර කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයකින් පැතිරුණු වෛරසයක් ලෙස ලෝකයේ බොහෝ දෙනා අතර මතයක් තිබූ අතර ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද මෙය දැඩි ලෙස ප්‍රකාශ කර සිටියේය.

එම හේතුව නිසා මෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ස්ථීර විසඳුමක් සොයා ගැනීමට අවශ්‍ය සාධක සොයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස චීනයට ඇතුළු වීමට අවසර දෙන ලෙස මීට පෙර ඉල්ලා තිබුණි.

Rate this item
(0 votes)