May 18, 2024

කොරෝනා පැණිය බොරුවක් කියලා අපි හැමෝම දන්නවා - ඒත් අපිට ඒ බොරුව ඕනෙ (VIDEO)

December 16, 2020

‘කෝරෝනා පැණිය’ බොරුවක් බව සියළු දෙනා දන්නා නමුත් එය ඇත්තක් සේ සලකා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න මහතා පවසයි.

“දැන් ඔය පැණිය හදපු ධම්මික හොඳටම දන්නවා එයා කරන්නේ බොරුව කියලා. ඒත් අපි කරන්නෙත් බොරුවනේ. ලංකාවෙ 60%-70%ක් ඉන්නෙ උසස්පෙළ කරපු අයනේ. මෝඩයෝ නෙවෙයි නේ. අපි හැමෝම දන්නවා ලැබ් එකක විශාල වියදමක් දරලා මිසක් මේකට උත්තරයක් හොයන්න බැරි බව. හැබැයි අපිටත් ඕන නේද බොරුවක් පිළිගන්න?

ඒ මිත්‍යාව අපිට ඕනෙ. ධම්මික පැණිය එක්ක තමයි ආණ්ඩුව මේ දවස් වල යන්නේ. ඒක බුද්ධි මෙහෙයුමක්. කොරෝනා එන්නත අපිට දැන්ම ගන්නත් බැරි නම්, මිනිස්සු බය වෙලත් නම් ඉන්නේ, මිනිස්සුන්ගෙ හිත පාලනය කරන්න මොකක් හරි ගේමක් ඕනෙනෙ. ඒ මානසික මෙහෙයුම තමයි දෙරණ හරහා දුන්නේ. ඒක වැඩ කළා.

පැණිය බොරුයි කියලා සෞඛ්‍ය ඇමතිණියත් දන්නවා, දිලිත් ජයවීරත් දන්නවා, ගෝඨාභය මහත්තයත් දන්නවා හැබැයි දැනගෙනත් නරුම විදිහට මේක ලබන අවුරුද්ද මැද වෙනකල් ශේප් වෙන්න පුළුවන් නම්, ඒකට මිත්‍යාව නම් හරි යන්නේ, ඉතිං මොකෝ.” යැයි ඒ මහතා පවසයි.

Rate this item
(1 Vote)

Related items