May 18, 2024

වතුපිටිවලදී ධම්මික පැණිය නොදුන් බවට අලුත්ගේ කියන්නේ බොරු - අපි රෝගීන්ට පැණිය දුන්නා ධම්මික කුමාර

December 14, 2020

වතුපිටිවල රෝහලේ දී ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය රෝගීන්ට ලබා නොදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසුවද එය බොරුවක් බව මේ වනවිට සනාථ වී තිබේ.

වතුපිටිවල කොවිඩ්-19 මධ්‍යස්ථානයේ සිටි රෝගීන් 140 අතුරින් මේ බෙහෙත පානය කිරීමට කැමති අයට එය ලබා දුන් බව වතුපිටිවල රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකය භාර වෛද්‍ය නිලධාරී ධම්මික කුමාර මහතා සඳහන් කරයි.

ඉන් පසුවත් කොවිඩ්-19 වැළඳුණු තවත් රෝගීන් 50කට මෙම ඖෂධය හා ඊට සමාන ඖෂධ ලබා දුන් බව ද ධම්මික කුමාර මහතා හෙළිදරව් කරයි.

ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය පානය කළ එම සියළුම රෝගීන් සුවපත් වූ බව ද ධම්මික කුමාර  මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ධම්මික බණ්ඩාර මහතාගේ මෙම පැණිය පිළිබඳ රට තුළ උනන්දුවක් ඇතිවූයේ ඉන්පසුව බවටද ධම්මික කුමාර මහතා අවධාරණය කරයි.

වතුපිටිවල රෝහලේ කිසිදු රෝගියෙකුට ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ලබා නොදුන් බව මීට ටික දිනකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කොට තිබිණි.

Rate this item
(1 Vote)

Related items