May 18, 2024

ධම්මික පැණියත් ආණ්ඩුවට විතරයි - විපක්ෂයට නොදෙයි

December 11, 2020

කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා විසින් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොවිඩ් සුවකරන පැණිය ලබා දුන්නද එය සමඟි ජන බලවේග මන්ත්‍රීවරුන්ට ලබා දී නොමැත.

2021 අයවැය විවාදය අවසන් දිනය වූ ඊයේ (10) පාර්ලිමේන්තුවට පැමිණි ධම්මික බණ්ඩාර කපුමහතා කොවිඩ් 19 සුව කරන පැණිය කතානායක වරයා ඇතුලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට බොන්නට දුන් ආකාරය මාධ්‍ය හරහා දැකගන්නට ලැබිණි.

ධම්මික බණ්ඩාර කපු මහතාගේ මෙම පැණිය සඳහා තවමත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නැති අතර ධම්මික බණ්ඩාර මහතා ද දේශීය වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචි වී නොමැති බව ද හෙළිදරව් වේ.

Rate this item
(0 votes)

Related items