May 18, 2024

මිනිස්සු කෑගල්ලේ පැණි බොන්න මෙහෙම යනවනම් අපි කොවිඩ් ගැන කතා කරන එකේ තේරුම මොකක්ද?

December 11, 2020

කෑගල්ලේ පැණි බෙහෙත් ගන්න මිනිස්සු යන හැටි දැක්කම කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව කතා කිරීමට යන මහන්සියත් අපරාධයක් බව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පෙන්වා දෙයි.

මේ සියල්ල සිදුවන්නේ මාධ්‍ය වලින් කරන ප්‍රචාර නිසා බව පෙන්වා දෙන වෛද්‍යවරයා දැන් රූපවාහිනියෙන් නම දා ගැනීමට තිබෙන ලේසිම ක්‍රමය එක්කෝ මෝඩ වැඩක් කිරීම, එසේත් නැතිනම් සම්මතයට විරුද්ධ දෙයක් කිරීම බව ද සදහන් කරයි.

එක්කෝ අමුවෙන් මාළු කන්ඩ ඕනෑ, එසේත් නැත්නම් මොනවා හරි බෙහෙතක් තියෙනවා ඒකෙන් හොඳ කරන්න පුළුවන් කිව්වම ඒකට ප්‍රචාරය දෙන මාධ්‍ය කලාවකට සම්බන්ධ වීම තේරුමක් නැති එකක් බව ද වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරයි.

වෛද්‍ය විජයවික්‍රම කොවිඩ් පළමු රැල්ල පැමිණි අවස්ථාවේ රෝගයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීමට මෙන්ම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අති විශාල කාර්යභාරයක් ඉටු කළ සමාජයේ ඇගයීමට ලක්වූ වෛද්‍යවරියකි.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ විද්වත් ආයතනයේ කැඳවුම්කරු ලෙසද කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 December 2020 11:35

Related items