May 18, 2024

"එහෙම කිසිම නතර කිරීමක් නෑ" අත්හිටවූ කොරෝනා පැණිය ජනතාවට දෙන හැටි ධම්මික වෙදදුරු කියයි (VIDEO)

December 09, 2020

කොරෝනා වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා විධිමත් අවසරයක් ලබා දෙන තුරු තාවකාලිකව එම ඖෂධය බෙදාහැරීමේ කටයුත්ත අත්හිටවූ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.

මේ සඳහා ධම්මික බණ්ඩාර මහතාද එකඟතාවය පළ කල බව ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ධම්මික බණ්ඩාර මහතා සඳහන් කළේ "සෞඛ්‍ය අංශයෙන් ඖෂධය නියමිත ආකාරයෙන් දෙනතුරු අපි ඖෂධය හදලා සියලු රාජ්‍ය ආයතන සියල්ලටම දෙනවා. මහජනයාට ආයතනයේ තීන්දුව ලැබුණට පස්සේ දෙන්න තීන්දුවට එළැඹුනා"

මේ අතර හිරු නාලිකාව සමඟ දුරකතන සංවාදයකට එක්වෙමින් ධම්මික බණ්ඩාර මහතා පැවසූවේ "එහෙම කිසිම නතර කිරීමක් නෑ. මේක හොයාගත්තේ මේක මගේ මනසට ලැබිච්ච දෙයක්. බේත ඉතින් මං දුන්නා. හොයාගත්ත හැටි අහන්න නැතිව බේත පරිහරණය කරලා හැම දෙනාම නිරෝගි කරගන්න අපි කටයුතු කරමු."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 December 2020 13:38

Related items