May 21, 2024

ධම්මිකගේ පැණිය ගන්න නිවස අසලට ජනතාව දහස් ගණනින් රැස්වෙයි - තදබදය පාලනයට පොලීසියත් ඇවිත් (PHOTOS) Featured

December 08, 2020

කොරෝනාවට දේශීය ඔසුවක් සොයාගත් බව කියන ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතා සොයාගෙන මේවන විට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පැවසීය. 

කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම පිහිටි ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට විශාල පිරිසක් පැමිණීමෙන් එම ප්‍රදේශයේ මාර්ග අවහිර වී ඇතැයිද වාර්තා වේ.

අදාළ ඖෂධය ඔහුගෙන් ලබා ගැනීම සඳහා ජනතාව මෙසේ එක් රැස් වී සිටින බවද තදබදය පාලනය සඳහා පොලිස් නිලධාරීන් ද යොදා ඇති බවද වාර්තා වේ.

ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට විශාල ජනතාවක් එක්ව සිටින බව දැක්වෙන ඡායාරූප සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී.

මේ පිළිබඳ නවතම තොරතුරු අප ගෙන ඒමට සූදානම් අතර එහි වීඩියෝව අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

No description available.

No description available.

No description available.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 December 2020 15:01

Related items