අසමත් සර් පමණක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වරණයේදී ඡන්දය දුන් 69 ලක්ෂයම ෆේල් බවද විජයවර්ධන මහතා සඳහන් කරයි.
මේ තත්ත්වය මත යළිත් එක්සත් ජාතික පක්ෂයට ලොකු ඉල්ලුමක් රට තුළ තිබෙන බවද පෙන්වා දෙන විජයවර්ධන මහතා දැන් කළ යුතුව තිබෙන්නේ ඒ සඳහා සූදානම් වීම බව ද පෙන්වා දෙන ලදී.
අම්පාරේ පැවති පාක්ෂික රැස්වීමක් අමතමින් මෙම අදහස් පල කළ විජේවර්ධන මහතා රට බරපතළ ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවටද එහිදී අනතුරු අඟවන ලදී.