May 16, 2024

අවුරුද්දට ගෙවල් 14,000ක් හදලා තිබෙනවා - හැබැයි පෝස්ටර්, කටවුට් නෑ

December 02, 2020

නොවැම්බර් 16 වනදා වසරක් පිරුන මේ ආණ්ඩුව මේ වන විට නිවාස 14022 ඉදි කිරීමට කටයුතු කර තිබෙන බව රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා නිවාස අමාත්‍යාංශය වැය ශීර්ෂයට එක්වෙමින් සදහන් කරන ලදී.

එම නිවාස වලින් 75% ක වැඩ කටයුතු මේ වනවිට අවසන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තමා නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 762 නිවාස 581ක වැඩ මේ වන විට අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ පිළිබඳව තොරන් හෝ පෝස්ටර් නොගැසීම මේ රජයේ විශේෂත්වය බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

වත්මන් ආණ්ඩුවේ එක ග්‍රාම සේවා වසමකට එක නිවසක් සංකල්පය යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 13:41