April 26, 2024

ඇමති රත්තරන්ගේ පුතා උසාවි වැඩ වලට

වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

ඒ තම පුත්‍රයා වන අයේස් අභයගුණවර්ධන ගැන.

නේවාසික පුහුණුවට

එම සටහනෙන් කියවෙන්නේ අමාත්‍යවරයාගේ පුත්‍රයා මාස හයක නීතීඥ සීමාවාසික පුහුණුව සඳහා යොමු වූ බවයි.

ඉන් පසුව සිය පුත්‍රයා නීතිවේදී උපාධිය අවසන් කිරීමට නියමිත බවත් සඳහන් වනවා.

රෝහිත අබේගුණවර්ධන මහතා වඩාත් ප්‍රසිද්ධ රත්තරන් යන අන්වර්ථ නාමයෙන්.

අන්වර්ථ නාමය

අබේගුණවර්ධන අමාත්‍යවරයාට එම නම ඔහුගේ මෑණියන් විසින් ආදරේට කුඩා කාලයේදී දැමූ නමක් බවයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් වරක් සඳහන් කළේ.

ඒ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ චරිතාපදානය එලිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශනය කරමින්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 October 2021 02:26