April 24, 2024

ඇමති රත්තරන් ජර්මනියේ : ජර්මනියත් සීරුවෙන් Featured

December 24, 2021

ඉල ඇදෙන විහිළු කතා කියන රෝහිත අබේගුණවර්ධන වරාය ඇමතිවරයා මේ දිනවල වැඩි සද්දයක් බද්දයක් නැහැ.

ඒ ඔහු මේ වන විට ජර්මනියේ සංචාරයක නියැලී සිටින නිසා.

සංචාරයට හේතුව

ජර්මනියේ හැම්බර්ග් වරායේ සහ ජර්මානු වාණිජ මණ්ඩලයේ ආරාධනාවක් මත ඔහු මෙම සංචාරයට සහභාගී වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජර්මානු හැම්බර්ග් වරායේ නිලධාරීන් හා අබේගුණවර්ධන මහතා අතර සාකච්ඡාවකුත් පවත්වා තිබෙනවා.

ද්වි පාර්ශික ගිවිසුම

ස්වයංක්‍රීය බහලුම් පර්යන්තය තාක්ෂණ දැනුම හුවමාරු කර ගැනීම ගැනයි එහිදී විශේෂ අවධානය යොමු වී තිබෙන්නේ.

වරාය හා නාවික කටයුතු පිළිබඳ දෙරට අතර ද්විපාර්ෂික සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමට ඇති හැකියාව පිළිබඳවත් එහිදී සාකච්ඡා වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 December 2021 07:57