May 01, 2024

“ලොකු ටෝක් එපා.“ රාජ්‍ය ඇමැති තර්ජනය කලැයි වනජීවි නිලධාරීන් වැඩ වර්ජනයක

November 26, 2020

වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් වනජීවි නිලධාරීන්ට තර්ජනය කළ බව පවසමින් දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට (27) දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ්‍රිත ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබාදෙන ලෙසට තම සංගමයේ නිලධාරීන්ට අමාත්‍යවරයා තර්ජනය කර ඇති බව එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ.

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සහ වනජීවි නිලධාරීන් පිරිසක් අතර, ගැටලුවක් නිරාකරණය කරගැනීමට යෑමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබූ අතර එහිදී පන්න පන්නා නිලධාරීන්ට අමාත්‍යවරයා බැන වැදී ඇත.

“අපි මේ රාජකාරියක් කරන්නේ. අපිනම් බිංදුවක්වත් කැමති නෑ මේකට. සර් මේවා ජාතික අපරාධ. අපිට ගහලා ගහලා මැරුවත් අපි මේ රස්සාව කරන්නේ.“ වන ජීවි නිලධාරීන් ඇමැතිවරයාට ප්‍රකාශ කර ඇත.

“අපි මේ බිං අඟලක්වත් අල්ලන්නේ නෑ. ඔයා කතා කරන විදිහක් තියෙනවනේ. තීන්දුවක් ගත්තේ නෑනේ අයිසේ. අපි තීන්දුවක් ගත්තොත් මීට වඩා කැලේ කපනවා. ලොකු ටෝක් දෙන්නේ නැතුව මං ඉස්සරහා. තමුසේ ඇමැතිවරයෙක් ඉස්සරහා හැසිරෙන්න දැනගන්න “ රාජ්‍ය ඇමැතිවරයා එහිදී සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)