April 18, 2024

වන අලියෙකු විදුලි සැර වද්දවා මරා දාලා - කාන්තාවක් අත්අඩංගුවේ (PHOTOS)

February 17, 2022

වන අලියෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් ඔට්ටුසුඩාන් ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ වනජීවි නිලධාරීන්ගේ පැමිණිල්ලකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.

46 හැවිරිදි කාන්තාවගේ ඔට්ටුසුඩාන් - ඔතියමලේ ප්‍රදේශයේ පිහිටි කුඹුරක වයස අවුරුදු 8ක් පමණ වන වන අලියෙකු මරණයට පත්වී සිටියදී මුලතිව් වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

පසුව ඔවුන් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඒ පිළිබදව ඔට්ටුසුඩාන් පොලීසියට පැමිණිලි කර ඇති අතර සැකකාරියට අයත් කුඹුරේ යොදා තිබූ විදුලි රැහැනක ගැටී වන අලියා මිය යන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 February 2022 10:40