May 03, 2024

මොනරාගල බන්ධනාගාරයේ ගැටුමක් - 'මැස්සා' මියයයි

November 04, 2020

මොනරාගල බන්ධනාගාරයේ සිරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (03) ඇති වූ ගැටුමක් හේතුවෙන් 'මැස්සා' නමැති සිරකරුවෙකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද වාර්තා වේ.

මෙම සිද්ධියෙන් සිරකරුවන් නොසන්සුන්තාවයට පත්ව සිටින බවද, එම තත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් එම බන්ධනාගාරයට යවා ඇතැයි ද වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මොනරාගල වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 03 November 2020 21:05

Related items