May 20, 2024

බස්නාහිර පළාතේ වසා දැමූ ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘතයි

November 03, 2020

බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (04) විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ අනුව රත්මලාන නාරාහේන්පිට බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් අද (03) පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමට නියමිතය.

සිල්ලර වෙළඳාම අදාළ ආර්ථික මධ්‍යස්ථානවල සිදු නොවන අතර තොග වෙළඳුන්ට පමණක් අවස්ථාව ලබාදීමටයි තීරණය කර තිබේ.

මේ අතර ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කිරීම කිසිසේත් සිදු නොකරන අතර, මීට පෙර පැවති ආකාරයට ජංගම වෙළඳසැල් මගින් නිවෙස් අසළට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආර්ථික පුනර්ජිවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ නිරෝධායන කටයුතු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 November 2020 21:33